BREAKING NEWS
Search

ගල්කිස්ස වෙඩි තැබීම ගැන ඇසෙන පුදුම හිතෙන කතාව. තරුණයාගේ මවත් පැටලෙයි

1986

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මත බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉකුත් (05) දා ගල්කිස්ස සිල්වෙස්ටර් මාර්ගයේ සුද්ධ පවිත්‍ර රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් අඳාළ වෙඩි තැබීම සිදු කර තිබුණා.

සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් ඇති බවයි.

එහෙත් වෙරළ පාර ප්‍රදේශයේදී දිවයාමට නොහැකිව නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා ගොස් ඇත.

අඳාළ පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවයි.

පොලිසිය සැක පළ කරන්නේ ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *