හුඟාක් වේලාවට මෙහිදී කකුලේ පේශිය තදකොට මස් පිඬුව දිග ඇදීමට සැලසීම (forceful stretching) මගින් බොහෝ මේ වේදනාව සමනය වී යයි.
මස්පිඬු පෙරළීමට ලක්වෙන මේ වේදනාකාරී රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ රාත්‍රී දෙපා වේදනා සහ ලක්ෂණය (Nocturnal leg cramp syndrome) හැටියටයි.
බහුලවම මෙම රෝග තත්ත්වයේදී මස්පිඬු පෙරළීමේ තත්ත්වය කෙණ්ඩ ප්‍රදේශයේ ඇතිවෙයි. නමුත් ඇතැම් විට කලවා සහ පතුල ආශ්‍රිත ප්‍රදේශයේ මාංශ පේශීවලද එය සිදුවේ.
මෙම රෝග තත්ත්වයට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැත. නමුත් මාංශ පේශී වෙහෙසට පත්වීම සහ ස්නායුවල ඇති වන යම් යම් ගැටලු මෙයට හේතුවන බව විශ්වාසයයි.
දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍යතාව වැනි රෝගත් ඇතැම්විට මේ සඳහා හේතුවෙයි.
දියවැඩියාව මෙහිදි මූලිකම හේතුවකි. ඊළඟට කකුලේ රුධිරවාහිනී වල ඇතිවන රෝග, කොන්දේ සුෂුම්නාවෙන් පිටවන ස්නායුවල තදවීම, වකුගඩු අකරණීය (ත්‍රීව්‍ර සහ නිදන්ගත), ඇඩිසන්ස් රෝගය, රක්තහීනතාවය, සිරෝසිස් රෝග තත්ත්වය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ සහ ලෙඩ රෝග සඳහා ගන්නා විවිධ ඖෂධ මෙයට හේතු විය හැකියි.
නිදසුන් හැටියට, අධිරුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ, කොලෙස්ටරෝල් අඩු කරන ඖෂධ (statins), මුත්‍රාකාරක ඩයියුරෙටික්ස් කාණ්ඩයට අයත් ඖෂධ වගේම ගැබ් ගැනීම වැළැක්වීමට භාවිත කරන ගිලින පෙති නිසාත් මේ තත්ත්වය හටගන්නට හැකිය.
ඊට අමතරව සුවිශේෂී තත්ත්වයන් වන,

ඇත්තටම වයස්ගත වීමත් සමඟ මෙම රෝග තත්ත්වය වැළඳීමේ අවදානම වැඩිය. එසේම ගර්භනී කාන්තාවන් හටද මෙම තත්වය වැළඳීමේ අවදානම ඉතා වැඩිය.
වෛද්‍යවරයා විසින් රෝග ඉතිහාසය අනුව මෙම තත්ත්වය තීරණය කරයි. සායනික පරීක්ෂාවකින් පසු අවශ්‍ය වුවහොත් මෙම තත්ත්වය ඇති වීමට හේතු විය හැකි වෙනත් ලෙඩ රෝග හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ ඇතුළු අනෙකුත් අවශ්‍ය පරීක්ෂණ නිර්දේශ කරයි.
ශරීරය විජලනයෙන් වළක්වා ගැනීමට හොඳින් ජලය පානය කිරීම. අඩුතරමේ දිනකට වතුර වීදුරු 6-8 ක් පමණ පානය කළයුතු වේ.
දිවාකාලයේදී සහ රාත්‍රී නින්දට පෙර මාංශ පේශී දිග ඇදීමේ ව්‍යයාම තුළින් මෙම තත්ත්වය ඇති වීම අඩුකර ගත හැක.
උදා:- බත් කෙන්ඩේ මාංශ පේශී සඳහා
මෙය වාර කිහිපයක් සිදුකරන්න. මේ සරල ව්‍යායාමය බොහෝවිට ඔබට පහසුව ගෙන එනු ඇති. එසේම පාදයට ගැලපෙන නිවැරදි පාවහන් භාවිතා කරන්නට පුරුදු වන්න. ශරීරයේ මාශපේශී ඇදීම සිදුකරන යෝග ව්‍යායාම මෙහිදි ඉතා වැදගත් විකල්ප ව්‍යායාම පද්ධතියක් ලෙස දැක්විය හැකියි.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්



















