BREAKING NEWS
Search

ජුනි 7 රටම අරීද ? ඇමැතිනියගෙන් ප්‍රබල ඉඟියක්

201

කොවිඩ්-19 පැතිර යාම පාලනය කිරීම සඳහා පසුගිය 21 වන දා රටට ම පනවන ලද සංචරණ සීමාවලින් ලැබුණු ප්‍රතිඵල ජුනි මස 14 වන දා වන විට දැන ගැනීමට හැකි වනු ඇති බවට තමා අපේක්‍ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම පසුගිය දිනවල සිට සංචරණ සීමා ක්‍රියාත්මක වීම කොවිඩ්-19 පැතිර යාම පාලනය වීමට යම් උපකාරයක් වන බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බව ඇය සඳහන් කරයි.

දින 14ක් දැඩි සංචරණ සීමා පනවන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කළේ සංචරණ සීමා මගින් කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම යම් පාලනයකට ලක්කිරීමට බවත්, ඊට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට තමා ස්තූතිය පුද කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය පවසයි.

ජූනි මස 7 වන දා දක්වා දැනට ක්‍රියාත්මක වන මුළු දිවයිනට ම බලපාන සංචරණ සීමා ජූනි මස 7 වන දායින් පසුවත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතුවේ කියා තමන් නොසිතන බවත්, ඒ සම්බන්ධයෙන් ජුනි මස 6 වන දා කොවිඩ් මර්දන කාර්ය සාධක රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Courtesy – Mawratanews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *