BREAKING NEWS
Search

බස් රථ මගීන්ට විශේෂ දැනුම්දීමක්

389

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත හැටන් සිට දුරගමන් සේවා සදහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ ගිනිගත්හේන පොලිසිය මගින් හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ හදිසි පරික්ෂාව සිදු කෙරිණ.

මෙම පරික්ෂාවේදි මගීන්ට අන්ත්‍රාදායක ලෙස බස් රථයේ අඩුපාඩුකම් සහිතව බස් රථ ධාවනය කල ලංගම බස් රථ 5ක, පෞද්ගලික බස් රථ රියදුරන් 6 දෙනෙකු ඇතුලු 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, පරික්ෂාවට ලක් කල තවත් බස් රථ කිහිපයක රියදුරන් පිරිසකට එම අඩුපාඩුකම් සපුරා ගැනීමට උපදෙස් ලබා දී ඇත.

මෙම බස් රථ පරික්ෂාවේදි බස් රථවල ගමන් ගන්නා මගීන්ද දැනුවත් කරමින් පොලිසිය ඉල්ලා සිටියේ බස් රථයේ රියදුරන් විසින් සිදු කරන මාර්ගනීති උල්ලංගණය කිිරම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *