ඩොනල්ඩ් ට්රම්ප් බදු ප්රතිශත ඉහළ දැමීම සම්බන්ධව කරන ලද ප්රකාශය නිසා විනිමය අනුපාත වෙනස්වීම හේතුවෙන් ජපානයෙන් ආනයනය කරන වාහන මිල සියයට 5 ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවෝ පවසනවා..
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් එකක වටිනාකම ක්රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරටට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා වැඩි මුදලක් වැය කිරීමට වාහන ආනයනකරුවන්ට සිදුවී ඇතැයි ඔවුහු පවසන අතර, විනිමය අනුපාත වෙනස්වීම් නිසා ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතන වාහන මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වෙන්නේ…
මෙම තත්ත්වය මත වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ තුන හමාරකින් ඉහළ ගොස් ඇති අතර, ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 35 ත් 40 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා..
මෙරටින් තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ජපානයෙන් සැපයුම් කිරීමට එරට වෙන්දේසි ආයතනවල වාහන නොමැති බව ද අනාවරණය වෙනවා…
ශ්රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත දත්ත අනුව ඉකුත් සිකුරාදා ජපන් යෙන් එකක ගැණුම් අනුපාතිකය රුපියල් 2.0164 ක් වූ අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 2.0943 ක් වුණා… එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 302.6561 ක් වූ බවයි වාර්තා වෙන්නේ..
අරුණ පුවත්පත ඇසුරෙන්..

















