BREAKING NEWS
Search

කොටහේන වෙඩිල්ලේ තවත් තොරතුරු හෙළිවෙයි

204

කොටහේන  සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16)  සවස සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත්  තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි .
අදාළ සිදුවීමේදී  , වින්දිතයන් දෙදෙනාම තුවාල ලබා තිබේ . තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඊයේ සවසම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී .

තුවාල ලැබූ එම වින්දිතයන් , කොටහේන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමියෙකු සහ 70 හැවිරිදි කාන්තාවක් ලෙස හඳුනාගෙන තිබේ.

වෙඩිතැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වන බව පොලිසිය පවසයි. වෙඩිතැබීමේ අරමුණ තවමත් නිශ්චය කර නොමැත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *