BREAKING NEWS
Search

වතුර පිරුණු වලකට වැටී පුංචි මල් කැකුලක් පරවෙයි

194

වතුර පිරුණු වලකට වැටී වයස අවුරුදු තුනහමාරක දරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ නෑගම අලිවංගුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
ඊයේ සවස් කාලයේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක එම දරුවා පදිංචි නිවසට මීටර් දෙසියයක් පමණ දුරින් පිහිටි ඉඩමක කසල බැහැර කිරීම සදහා කපා තිබූ ජලය පිරුණු වලකට ඇදවැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
දරුවා නිවසේ නොමැති බවට අනාවරණය කර ගත් දෙමව්පියන් රාත්‍රිය වන තෙක්ම ගම්වාසීන්ගේ සහය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම ජලය පිරිතිබුණ වලේ ගිලි සිටියදී දරුවා සොයා ගෙන තිබෙනවා.
ප්‍රතිකාර සදහා එම දරුවා ඊයේ රාත්‍රියේ කඩිනමින් නෑගම්පහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර රෝහල් ගත කරන අවස්ථාව වන විටත් දරුවා මිය ගොස් ඇති බව‍යි පොලිසිය සඳහන් කරන්නේ.
මිය ගිය දරුවාගේ සිරුර මේ වනවිට නෑගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා. එම දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් අද (17) එය පැවැත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *