BREAKING NEWS
Search

මට වෙච්ච දේවල් මම මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ. ඒක තමයි මගෙ එකම ටාගට් එක

734

අම්මලා කවදත් ප්‍රාර්ථනා කරන්නෙ, තමන්ගෙ දරුවන්ට හොඳම දේවල් දෙන්න.

ඒ අතරට තමන් සිය ජීවිත කතාවේ අත්විඳි කටුක තැන්වල ඡායාවක්වත්, දරුවන්ගේ ජීවිතවලට නොවැටෙන්න මව්වරු ප්‍රවේසම් වනවා.

ගෙවුණු දවසක අමායා අධිකාරිත්, දුව ළඟ තියන් ඒ කතාව මේ විදියට කියලා තිබුණා.

”මම මගේ ජීවිතේ හැම දෙයක්ම, හම්බ කරන හැම රුපියලක්ම, තියන හැම අඩියක්ම තියන්නෙ මගෙ දරුවො වෙනුවෙන්.

ජීවිතේට එක එක මිනිස්සු එනවා යනවා. හම්බෙනවා… හොඳ අය හම්බෙනවා, නරක අය හම්බෙනවා.

ආදරය කරන අය හම්බෙනවා, එයාලා අතෑරලා යනවා. නමුත් හැමදාම හැමදේකින්ම වැරදි ගැහැණිය.

මගෙ ජීවිතේ මට වෙච්ච දේවල් මම මගෙ දරුවට වෙන්න දෙන්නෙ නෑ. ඒක තමයි මගෙ එකම ටාගට් එක.

එයාට අම්මයි තාත්තයි දෙන්නම මම….”

ඒත් එක්කම තමන්ගෙ ජීවිතේ ආදරෙන් පුරවන කෙනෙක් ගැනත් ඈ, මේ විදියට කතා කරලා තිබුණා.

”..මම සිංදුව කිව්වෙත් එයා වෙනුවෙන්. මගෙ ජීවිතේ ගොඩක් දැන් වෙනකොට ලස්සන කරලා තියෙනවා.

මගෙ දරුවන්ගෙ ජීවිතයි, මගෙ ජීවිතෙයි.

යොහාන් තැන්ක්යූ…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *