දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

155

බඳවා ගැනීමේ සේවා ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

 

අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ දුරගමන් සේවා තාවකාලිකව නැවතී ඇති බවයි.

මේ අතර දුම්රිය 23ක් පමණ උදෑසන ධාවනයට එක් කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

වර්ජනය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *