BREAKING NEWS
Search

යෝෂිත සහ ඩේසි ආච්චිට වෙන්න යන දේ

791

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තිබූ පැමිණිල්ල නැවත ජුලි මස 11 වන දින කැඳවීමට නියම කර තිබෙනවා.

ඒ අනුව අද (16) දින මෙම පැමිණිල්ල කැඳවූ විට සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටි බව ද සඳහන්.

එම අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව අඳාළ කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල නැවත ජුලි මස 11 වන දින කැඳවීමට නියම කර තිබෙනවා.

එසේම අධිකරණය මඟින් එදිනට මෙම ඉල්ලීම පිළිබඳව ද කරුණ සලකා බලන බවට දැනුම් දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *