BREAKING NEWS
Search

රට යන්න බලාගෙන ඉන්න අයට ඔන්න සුබ ආරංචියක්

702

මෙරට තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට අඳාළ සාකච්ඡාවක් අද දින සිදු විය.

ඒ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශ ආයතන අතරයි.

මෙම සාකච්ඡාවේ දී කරුණු කිහිපයක් සාකච්ඡා වී තිබෙනවා.

ඒ වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහල නැංවීම.

එම වෘත්තීය පුහුණු පාඨමාලා දෙස් විදෙස් රැකියා ඉලක්කගත කරමින් නිර්මාණය කිරීම.

වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතනවල කාර්යභාරයන් නිශ්චය කර ගැනීම.

මෙරට රාජ්‍ය සහ පුද්ගලික වෘත්තීය පුහුණු ආයතනවලින් අධ්‍යාපනය හදාරා නික්ම යන සිසුන් ඉන්පසු රැකියා වෙළඳපොළේ ස්ථානගත වීම පිළිබඳ පසු විපරම් කිරීම යනාදියයි.

ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ සිදු කිරීම සහ ඊට අඳාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්හට ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකසන ලෙස ද උපදෙස් දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *