රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ඇයයි.. 25 හැවිරිදි ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියක්.. අනුදි අනුරාධපුරයේ පදිංචිකාරිණියක් වන අතර, ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂිය ගුණාංගවලින් සපිරි තරුණියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්… ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස සමාජයට ඉටු කරන සේවය ඇයගේ ‘සහේලි පදනම’ හොඳින් නිරූපණය කරනවා…
ඇයට මෙම පදනම ආරම්භ කිරීමට මූලික අදහස ලැබී ඇත්තේ, ඇයගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිබන්ධනය සඳහා ශ්‍රී ලංකාවේ විවාහ දුෂණ පිළිබඳව ඇය කරන ලද පර්යේෂණය මඟින් බවයි දැනගන්නට ලැබෙන්නේ…
අනුදිට ලෝක රූ රැජිණ තරඟය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ ඇයට වයස අවුරුදු 17 දීයි.. 2017 වර්ෂයේදී ලෝක රූ රැජිණ බවට පත්වූ ඉන්දියාවේ මනුෂි චිලර් ඇයව මෙලෙස ලෝක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීම සඳහා පෙළඹීමට හේතු වූ බවයි ඇය පවසන්නේ…
තළෙලු වර්ණැති පැහැදිලි සමක් මෙන්ම කළු පැහැති දිගු කෙස් කළඹකට හිමිකම් කියන ඇයට ඇත්තේ, සැබෑම ශ්‍රී ලාංකික සුන්දරත්වයක් කියන එක නම් රහසක් නෙවෙයි.. මේ වෙනකොට ඇය 72 වැනි ලෝක රූ රැජිණ කිරුළේ අවසන් මහා තරගය වෙනුවෙන් එක්වී තිබෙනවා.. ඇයට ලක්මාතාව වෙනුවෙන් ඒ කිරුළ දිනාගන්නට වාසනාව ලැබේවායි අපිත් සුබපතනවා…































