BREAKING NEWS
Search

කඩුවකින් පහරදීමට පැමිණි අයෙකුට පොලීසියෙන් වෙඩි

774

රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබේ.

නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා
ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බවය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *