BREAKING NEWS
Search

ගැරඩි ඇල්ල බස් අනතුරේ පරීක්ෂණ අවසන් – හේතුව එළියට

10864

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ ලංගම බස් අනතුරෙන් ජීවිත 23ක් අහිමිවීම සහ බොහෝ දෙනෙක් තුවාල ලබා තිබීමත් සමඟ මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයාගේ උපදෙස් මත විධිමත් පරික්ෂණයක් ආරම්භ විය.

අරුණ බැසිලේගම මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් 15 වැනිදා කොත්මලේ පොලිසියට පැමිණ බස් රථයේ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළේය.

නියෝජිතයින් 6ක්, කතරගම ලංගම ඩිපෝවෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතාද මෙම පරීක්ෂණයට සහභාගී විය.

පරීක්ෂණයෙන් අනතුරේ ප්‍රධාන හේතුව ලෙස රියදුරාට නින්ද යෑමක් හඳුනාගෙන ඇති අතර, වාර්තාවක් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට, පොලිසියට හා කොමසාරිස් ජෙනරාල්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *