BREAKING NEWS
Search

ඇල්ලට ආ සුද්දිව මත් කර කැත වැඩක් කල 70 ගයිඩ්

1617

සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් ඇල්ල සුන්දරත්වය නැරඹීමට පැමිණි ඇල්ජීරියා ජාතික විසිපස් හැවිරිදි තරුණියකට බීම වර්ගයක් පානය කිරීමට දී සිහිමුර්ජා කොට ඇය සතු ජංගම දුරකථන 2ක් ඇතුළු තවත් වටිනා දේපළ කොල්ලකා පසුව එම තරුණිය ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මඟපෙන්වන්නකු පෙරේදා (12 දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

සිහිසුන්ව වැටී සිටි විදේශීය තරුණිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිහි ලැබීමෙන් පසු ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර සංචාරක මඟපෙන්වන්නා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු සංචාරක මඟපෙන්වන්නකු මෙන්ම රියදුරකු ලෙස ද කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

මෙවන් සංචාරක මඟපෙන්වන්නන් විදේශීය සංචාරකයන්ට කරන අකටයුතුකම් රටේ කීර්තියට කරන ලද කැළැලක් බව ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 70 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු විදෙස් තරුණියගෙන් කොල්ලකෑ ජංගම දුරකථන සොයාගත් බව පොලිසිය කියයි.

මේ පිළිබඳව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.

නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *