අස්වැසුම දීමනාව නවතීද ? අලුත්ම නිවේදනය මෙන්න

1715

2025 මැයි මස සිට අස්වැසුම සුබසාධක දීමනා නතර කරන බව කියමින් සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් ඇති ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මෙම දීමනා ලබාදීම සඳහා සම්මත කළ මුල් කාල සීමාව 2023 ජුනි සිට දෙසැම්බර් දක්වා වන අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත වූ ක්‍රමවේදයකට අනුවය.

පසුව රජය විසින් එම කාල සීමාව 2024 දෙසැම්බර් මස දක්වා දිගු කරන ලද අතර, ඉන් අනතුරුව එය 2025 මාර්තු දක්වාත්, නවතම තීරණය අනුව 2025 අප්‍රේල් දක්වාත් දිගු කර ඇත.

එමඟින්, මේ වනවිට මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ලාභලාභීන්ට දීමනා අඛණ්ඩව ගෙවීම සිදුවෙමින් පවතින අතර, සමාජ මාධ්‍ය තුළ පළවෙමින් ඇති පරිදි එය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි කරයි.

තවද, මෙම අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ආරම්භ වී ඇත්තේ කොරෝනා වසංගතය සහ අනෙකුත් ආර්ථික අපහසුතා හේතුවෙන් අසරණතාවයට පත් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ අරමුණින් බවද මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දේ.

අදාළ සංක්‍රාන්තික කාණ්ඩය හැර දුප්පත්, අන්ත දිළිදු සහ අනෙකුත් අවදානමට ලක්වූ කාණ්ඩයන්ට අයත් ප්‍රතිලාභීන් සඳහා දීමනා අඛණ්ඩව ගෙවීම පවතින බවද නිවේදනය අවධාරණය කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *