BREAKING NEWS
Search

රම්බොඩ බස් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහලට

1715

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14) දින උදෑසන මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක තරුණයෙකු බව කොත්මලේ පොලීසියද සඳහන් කළේය.

එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල  නේවාසිකව ප්‍රතිකාර ලබන බවද  කොත්මලේ පොලිසිය කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *