BREAKING NEWS
Search

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

396

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරු හිගය හා රියදුරන් නිවාඩු යාම හේතුවෙන් පසුගිය දිනදෙක තුළ දුම්රිය 23 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවත් වාර්තාවේ.

ප්‍රධාන, මුහුදු බඩ, පුත්තලම හා කැලණිවැලි යන මාර්ගවල දුම්රිය අවලංගුවීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාලයක සිට පවතින දුම්රිය රියදුරු හිගයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මෙන්ම පාලනාධිකාරිය මෙතෙක් අපොහොසත් වීම දුම්රිය අවලංගුවීමට ප්‍රධාන හේතුවක් බව දුම්රිය රියදුරු සංගමය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *