BREAKING NEWS
Search

ජනපතිට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයයි

621

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දැනට ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයට අමතරව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය රැඳී සිටින බවත් එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වයක් මත මෙම නව තීරණයට එළැඹී ඇති බවද එතුමා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන් ජනාධිපති නිල නිවස භාවිතා නොකරන බවට ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා එම නිල නිවස වෙනුවට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයමින් සිටින බවත් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කරයි.

රාජ්‍ය නායකයා ඊට අදාළ ගැළපෙන ආකාරයෙන් නිවසක සිටිය යුතු බවත් ඊට කිසිසේත්ම විරෝධය නොදක්වන බවත් පවසන ඔහු මෙතෙක් ජනාධිපතිවරයා එම තීරණය නොගැනීම පිළිබඳව තමන්ට යම් විවේචනයක් ඇති බව ද ප්‍රකාශ කළේය

source :ගගන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *