BREAKING NEWS
Search

ගැරඬිඇල්ල බස් අනතුරෙන් පසු සොයාගත් ගමන්මලු ඇතුළු ජංගම දුරකථන 35ක් පොලීසියේ

252

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන සහ අනෙකුත් දෑ කොත්මලේ පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇතැයි පොලීසිය පවසයි.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පැවසුවේ තම අනන්‍යතාවය තහවුරු කර ඒවා ලබාගත හැකි බවය.

කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ අදාළ අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තමා වෙත ලැබුණු ජංගම දුරකථන 35ක්, ගමන්මලු හා අනෙකුත් දෑ පොලීසිය තුළ මෙසේ තබා ඇති බවය.

මේ අතර බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකිව ඇති බවද ඔහු පැවසීය.

බස් රථයේ රියදුරු මියයෑම සහ කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසා අනතුර සිදුවෙන මොහොතේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව අනාවරණය කරගැනීමට නොහැකි බවය.

ඒ අනුව මෙම ටිකට් පොත සොයා පොලීසිය, යුද හමුදාව හා ගම්වාසින් බොහෝ ස්ථාන පරික්ෂා කළද එය මේ වනතුරුත් හමුවී නොමැත.

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඉකුත් ඉරිදා (11) බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 22කට ජීවිත අහිමි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *