BREAKING NEWS
Search

ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

1739

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන  සිදුකෙරෙන බව ඔහු පැවසීය.

ඉන් අනතුරුව අනතුරට හේතුවූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *