BREAKING NEWS
Search

රම්බොඩ බස් රථ අනතුරින් මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

1398

රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්ව කොත්මලේ රෝහලින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ආ මෘත ශරීර 04ක් ඥාතීන්ට භාර දීමට පියවර ගෙන තිබේ.

නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා පැවසුවේ මේ වන විට එම අනතුරින් තුවාල ලැබූවන් 05 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

මේ වන විට අනතුරට පත් බස් රථය කොත්මලේ පොලිස් ක්‍රීඩාංගණයේ ගාල් කර ඇති අතර එම බස් රථය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, කතරගම ඩිපෝවේ විමර්ශන නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරයාද අද (12) පැමිණ ඇත.

ඔවුන් බස් රථය පරීක්ෂා කර පසුව ලබා දෙනු ලබන වාර්තා ඉදිරි කටයුතු සඳහා භාවිත කරන බවත් එතෙක් මෙම අනතුර පිළිබඳව එලැඹෙන බදාදා දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවත් කොත්මලේ පොලිස් පරීක්ෂක වජිර දේවප්‍රිය මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *