විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ

1374

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

විදුලි ගාස්තුවල යම් මිල වැඩිවීමක් සිදුකිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව, ලබන ජූනි මාසයේ සිට මෙම මිල වැඩිවීම ආරම්භ වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවත්, එම වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ විදුලි බිලට වඩා ඉහළ අගයක් නොගනි බව ඔහු පැවසීය.

වසරකට දෙවරක් සිදුවන විදුලි මිල සංශෝධනයට අනුව මෙම මිල වැඩිවීම සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ බිලියන 200ක ණය බර ප්‍රතිව්‍යුහගත කර ඇති බවත්, ඒ අනුව එහි කොටසක් විදුලි බිලට එකතු වනු ඇති බවත් ඔහු පැවසීය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *