ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්

35

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාම එකඟතාව අගය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම තීන්දුව දෙපාර්ශ්වයේම අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පණිවිඩයෙන් පවසා ඇත.

අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කරන බව ද එහි සඳහන් වේ.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බවද ජනපතිවරයා පවසයි.

දෙරටෙහි අඛණ්ඩ සංවාදයට අපගේ සහාය ලබා දෙන අතර, කලාපීය සාමය අපගේ යුගයේදීම අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව සහතික වශයෙන් ප්‍රකාශ කර සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සිය පණිවිඩයෙන් දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *