Search

ලෝකයේම නෙත් වශී කළ අපේ නිල් මානෙල් මල අනුදි ගුණසේකර

296
Miss World 2025 සමාරම්භක උළෙලේ අනුදි ගුණසේකරගේ ඉදිරිපත් කිරීම ගැන බොහෝ දෙනාගේ නෙත් යොමු වුණා….
72 වන Miss World තරඟාවලියේ සමාරම්භක උළෙලේදී අපේ අනුදි ගුණසේකර සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සිදු කළා.

එහිදී ඇය ළා දම් පැහැ සාම්ප්‍රදායික ඔසරියකින් සහ ආභරණ වලින් සැරසී සිටියා.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල සංකේතවත් කිරීමටත්,

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට Miss World තරගාවලියට සහභාගී වූ Miss Sri Lanka වුණු වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් ලෙසත්,

ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ “සහේලි පදනමේ” වර්ණය නිරූපණය වන ලෙසත්,

ඇය ළා දම් පැහැති වර්ණය භාවිත කළා.

මේ ඇඳුමේ සංකල්පය සහ එයින් නිරූපණය වන සංකේතාත්මක අර්ථය අනුදිගේ අදහස්වලින් නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *