BREAKING NEWS
Search

එකම පවුලේ 5ක් සමග මෝටර් රථයක් වටවලදී ප්‍රපාතයට

769
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කොළඹ සිට නුවරඑලියේ සංචාරයක් සදහා එක්වූ පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

බස් රථයකට ඉඩ දීමට යෑමේදි මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *