ගැරඬිඇල්ල බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුදගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක් සූදානම් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.



















