BREAKING NEWS
Search

ප්‍රපාතයට පෙරලුනු බස්රථයේ සිටි අයෙක් ගැන දැන් ලැබුණු සෝචනීය ආරංචිය

72211

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අද (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 20කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගැණුනු අතර එහිදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙලෙස අනතුර ලක්න ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව, වැලිමඩ සහ බදුල්ල රෝහල් වෙත මාරුකර යවා තිබේ.

වැලිමඩ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එලෙස ඇතුළත් කෙරුණු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *