BREAKING NEWS
Search

ජොන්ස්ටන්ට අලුත් තනතුරක්

753

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි.
එසේම, පළාත් පාලන ආයතන සදහා සභිකයන් නම් කිරීම පිළිබද අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක් ද පත් කෙරුණා.
මේ අතර, ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා සහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටද පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර තිබෙනවා.
මහ ලේකම් සාගර කාරියවසම්, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක එහි සාමාජිකයන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *