BREAKING NEWS
Search

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

604

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම 9mm වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හිස් උන්ඩ කීපයක් අවට විසිරී තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *