BREAKING NEWS
Search

පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ එකතු වි කරන්න යන දේ රුවන් හෙළිකරයි

634

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියා ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසූවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේ මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිය පුදකරන අතරම මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට ද හැකියාව ලැබුණු බවය.

ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනාම එකට එකතුවී ඉදිරි මහා මැතිවරණයේදී හොද ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන ද විජයවර්ධන මහතා පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *