BREAKING NEWS
Search

මුහුණු පොතෙන් යාලු වි පිරිමින් රවටා කැලයකට ගෙන ගොස් කල කැත වැඩේ

1101

‘මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ‘වට්ස්ඇප්’  සහ ‘මැසෙන්ජර්’  හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැද, පහරදී එම පුද්ගලයන්ගේ යතුරු පැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක්, පිරිමි පුද්ගලයන් තුනක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඔවුන් සමඟ  කොල්ල කන ලද යතුරු පැදි 2ක්, ජංගම දුරකථන 4ක්  ඇතුළු දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් , අනුරාධපුර අශෝකපුර  විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි  පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකි.

පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිනෙණ  ලෙස පවසා දුරකථන ඇමතුමක්  ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ  යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන බැංකු කාඩ් පත්  කොල්ලකෑ බවට මිනුවන්ගොඩ  සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *