BREAKING NEWS
Search

පානදුර වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට

581

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් නවීනතම ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ජම්පටා වීදිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන කුඩු සෙල්විගේ කණ්ඩායමේ ප්‍රධානතම පුද්ගලයෙකු වන පළවෙනි රෙමෝෂන් ක්ලෝරියන්ස් යන අයගේ හා ඩුබායිහී සිට මෙරට ජම්පටා වීදිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අරවින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයන් බවත් පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා විදේශ ගතව පලායාමට අවශ්‍ය ලිපි ලේඛන  සූදානම් කරගෙන තිබූ බවට  මූලික ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි. ඉකුත් 29වෙනි දින පානදුර මාලමුල්ල රණවිරු හේමන්ත මාවත ප්‍රදේශයේ කොටහළු මංගල්‍යය උත්සවයකදී මෙම වෙඩි තැබීම සිදු විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *