BREAKING NEWS
Search

ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගෙන

935

කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී  මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී   තියුණු ආයුධයක්    පෙන්වා     ” කෑ ගහන්න එපා” යයි දැරියගේ මවට තර්ජනය කර   ඒ තුළ  සිටි   8   හැවිරිදි  පාසල් දැරියක් පැහැර  ගෙන කප්පම් ගැනීමට උත්සාහ දැරූ  පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක්    ඉකුත් 2 වෙනි   දින සිය දියණිය  පාසලෙන් රැගෙන දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි කර ඇය රියදුරු අසුනේ අසුන් ගන්නා අවස්ථාවේදී තම දියණිය සිටි පසුපස අසුනේ නාඳුනන  පුද්ගලයෙකු තියුණු ආයුධයක් අත දරා සිටි බවත් තම දියණිය පසෙකට තල්ලු කරමින් වාඩිවී “කෑගහන්න එපා” යනුවෙන් තර්ජනය කළ බවද  ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම අවස්ථාවේදී පැමිණිලිකාරිය වහා ක්‍රියාත්මක වී මෝටර් රථයෙන් බැස පිටුපස දොර ඇර තම දියණිය මෝටර් රථයෙන් පිටතට ගෙන  උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි නාඳුනන පුද්ගලයා එයින් බිමට බැස  පලා ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සැකකරු එදින මෝටර් රථයෙන් බැස මඳ දුරක් පලා ගොස් පැළඳගෙන සිටි කැප්තොප්පිය අතට ගෙන  කුරුඳුවත්ත 27 වෙනි පටු මගේදී කුලී යතුරුපැදියකට නැග කොලොන්නාව කරා ගොස් තිබූ බව පොලිසිය සීසීටී වී දර්ශනඅනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.

සැකකරු කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

සැකකරු පවසා ඇත්තේ තමා  අධික ලෙස ණය වී ඇති එබැවින් ඒවායි නිදහස් වීමට කප්පම් ගැනීම සඳහා මෙය සිදු කරන්න උත්සාහ කළ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *