BREAKING NEWS
Search

පාසල් දැරිය බිය ගැන්වූ සැකකරු කොටුවෙයි

1296

මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඉකුත් 2වනදා කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේදී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි වයස අවුරුදු 08ක දැරියක් තල්ලු කරමින් තර්ජනය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකළ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ සැකකරු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වයස අවුරුදු 36ක් වන කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ, දියණිය පිටුපස අසුනෙහි වාඩි කර මෝටර් රථයට පිටුපසින් ගොස් රියදුරු අසුනෙහි වාඩි වන අවස්ථාවේදී, පසුපස ආසනයේ සිටි මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා තම දැරියවද තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී දැරියගේ මව දැරියද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී සැකකරු පලා ගොස් සිට ඇති අතර, පෞද්ගලික කුලී රථ සේවයක මෝටර් රථයක් උපයෝගී කරගෙන පිටව ගොස් ඇත.

කෙසේ නමුත් එම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *