BREAKING NEWS
Search

ජපුර සිසුවාට පහරදුන් සිසුන්ට ලැබුණු නියෝගය

1195

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම සිසුන් 7 දෙනෙකු ඇපමත මුදාහැර තිබේ.

අදාළ සිසුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (7) ඉදිරිපත්කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් නියම වී තිබේ.

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙලෙස ඇප නියම වූයේ කිරිඳිවැල, දෙල්ගොඩ, යුදගනාව, තලපිටියාගම, නලංකුට්ටි හා කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි සිසුන් පිරිසකටය.

එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන්  විසින් ඉකුත්දා පහරදී තිබුණි.

අදාළ සිසුවා විශ්වවිද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම, සවස 6න් පසු විශ්වවිද්‍යාලය තුළ සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන්  මෙලෙස පහරදී ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *