BREAKING NEWS
Search

අවුරුදු 19ක තරුණියකට හදි කල අපේක්ෂකයා මාට්ටු

237

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අයුතු ලෙස නිවසකට ඇතුළුවී  අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.

නැගී එන දේශපාලන පක්ෂයකින්  ලග්ගල ප්‍රාදේශීය  සභාව සඳහා තරඟ කරමින් සිටි අපේක්ෂකයෙකු ඊයේ (03)  පස්වරුවේ මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට හෝරා  කිහිපයක්  තිබියදී නිවෙස් වලට ගොස්   ඡන්දය ඉල්ලීම සඳහා යන අවස්ථාවක දි මෙම ලිංගික අතවරය සිදු වී ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරවල පොලිසියට ලද තොරතුරක් මත   පෝස්ටර්  650 ක්   ළඟ තබාගෙන  සිටි පළාත් පාලන මැතිවරණය සදහා  ඉදිරිපත්ව  අපේක්ෂකයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇප මත මුදාහැරි බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *