තරුණියන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයේ පළ කෙරෙන අවස්ථා පිළිබඳ නිතර වාර්තාවේ.
“මේ දේ සිද්ධ වුනේ මම ගෙදර තනියම හිටිය වෙලාවක. මට ෆේස්බුක් එකේ ගෑනු ළමයකුගෙන් request එකක් ආවා. ඇය හරිම සරාගීයි. එදා රාත්‍රියේ ඇය skype හරහා මට ඇමතුමක් ගත්තා. ටික වෙලාවකින්,,, webcam එකක් තියනවද කියලා ඇය මගෙන් ඇහුවා. මම මගේ කැමරාව on කළා. මට ඔයාව බලන්න පුලුවන්ද කියලා මම ඇගෙන් ඇහුවා. ඇයගේ හැඟීම් ඇවිස්සෙන බව ඇය කීවා. මාත් ඇය අනුගමනය කළා. මේ වගේ ගෑනු ළමයෙක් දැක්කම ඔබ දන්නේ නැහැ ඔබ මොකක්ද කරන්නේ කියලා.” යනුවෙන් තමන් මුහුණ දුන් සිදුවීම සමීර් විස්තර කළේය.
වීඩියෝ ඇමතුම අවසන් වී සුළු වෙලාවකින් පසු අන්තර්ජාලය හරහා සමීර් වෙත පණිවුඩයක් ලැබිණ.
එහි දැක්වුණේ youtube යොමුවකි.
“එහි කියා තිබුණේ, අහපං,, මම මිනිහෙක්. උඹ කළ දේ මම පටිගත කළා. ෆේස්බුක් එකේ ඉන්න උඹේ නෑදෑයන්ගේ ලැයිස්තුවක් මා ගාව තියනවා. මට යුරෝ දෙදාහක් ඕන, උඹට මම සති දෙකක් දෙනවා. දෙයියනේ මට හිතා ගන්න බැරි වුනා. මගේ අම්මා මේක දැක්කොත් මොකක් වෙයිද? මට පුදුම ලැජ්ජාවක් දැනුණේ .” යනුවෙන් සමීර් පැවසීය.
මෙවැනි වංචනික ලිංගික ක්‍රියා සඳහා වසරක් පාසා ගොදුරුවන පුරුෂයන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි.
උපුටා ගැනිමක්


















