BREAKING NEWS
Search

සදාකාලික නින්දට වැටුණු සබරගමු සරසවි සිසුවා ගැන ඇසෙන අලුත්ම කතාව…

1401

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සබරගමු සරසවියේ සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට පාදක වූ සිදුවීම සහ ඊට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම කමිටුව විසින් පාර්ශව කිහිපයකින් ඒ සම්බන්ධයෙන් කරුණු සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ, පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදායි.
චරිත්ගේ දිවි නසා ගැනිමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැක කරන බව පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් සමනළවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එවැනි පසුබිමක තමන් ද නවක වදයට මුහුණ දුන් බව පවසමින් සබරගමු සරසවි සිසුන් 20 දෙනෙකු ද සමනළවැව පොලිසියට මේ වනවිට සාක්ෂි ලබා දී තිබෙනවා.
ඒ අනුව සමනළවැව පොලිසිය සඳහන් කළේ ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පහර දුන් බවට පලමුව හෝමාගම රෝහලට ඇතුලත් වී අනතුරුව වැලිගම රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *