BREAKING NEWS
Search

දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකුට අත් වූ සෝචනීය ඉරණම

231

අද (1) පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.

ප.ව. 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් තිදෙනෙකු බේරාගෙන ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා 22 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනෙකි.

බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, එම තිදෙනා ද මෙම ආයතනයේ සේවය කරන අය බව පැවසේ.

ප්‍රදේශවාසීන් විසින් ඔරු යොදාගනිමින් අතුරුදන්වූවන් සොයා මෙහෙයුමත් දියත්කළත් පස්වරුව වනතෙක් ඔවුන් සොයාගැනීමට හැකි වී නොමැත.

කම්කරු දිනය හේතුවෙන් වෙළෙඳසැල වසාදමා වෙළෙඳසැල් හිමිකරු හා සේවකයන් මෙම විනෝද චාරිකාවක් පැමිණ තිබේ.

ඔවුන් පළමුව ගොස් ඇත්තේ හලාවත මුහුදු වෙරළට වන අතර, පසුව දියනෑම සඳහා මේ පිරිස දැදුරුඔයට පැමිණ තිබේ.

පැය දෙකකට වැඩි කාලයක් ඔවුන් දිය නා තිබේ.

හලාවත පොලිසිය සිද්ධිය පිළිබදව නාවික හමුදාව දැනුම්වත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *