BREAKING NEWS
Search

බස්රථ දෙකක් එකිනෙකට ගැටී බිහිසුණු අනතුරක්

501

හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ අද (1) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල්වෙත ඇතුළත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *