BREAKING NEWS
Search

ත්‍රිවිල් ගාස්තුවේ තීරණය මෙන්න

651

රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ, ත්‍රිවිල් ගාස්තුව එක් එක් සංගමයට ප්‍රකාශයට පත්කිරීමට නොදී රජය විසින් එය තීරණය කළ යුතු බවය.

“පෙට්‍රල් මිල අඩුකරා. ත්‍රිවිල් ගාස්තුව ඊට සාපේක්ෂව අඩුවෙන්න ඕනේ නම් කීයක් ද? කියන එක තවදුරටත් අපි කියලා වැඩක් නෑ. අඩුකරන්න පුළුවන්. අඩුකරන්න ඕනේ. හැබැයි ඒක අඩුකරන්න ඕනේ මහපොළොවට යථාර්ථයක් වෙන විදියට. ත්‍රිවිල් ගාස්තුව කීයද කියන එක දැන් නාමිකව රු 100 රු 85 කියලා තියෙනවා. මේකවත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිකන් වචනයක් කියලා වැඩක් නෑ. වගකිව යුත්තෝ කර අරින්න එපා ත්‍රිවිල් සංගම්වලට තවදුරටත් ගාස්තුව තීරණය කරන්න හැකියාවක් නෑ. ප්‍රකාශ කළත් වටිනාකමක් නෑ. මාර්ගස්ථන මගී ප්‍රවාහනයෙන් දැන් ගාස්තුවක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. රටටම ගැලපෙන විදියට බලය තියෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. ආණ්ඩුව දැන්වත් මේ පුනරුද යුගයේ ආණ්ඩුවේ මැදිහත්වීම හරියට කරන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *