දුම්රියක් පීලි පනියි

195

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබේ.

එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දී ඇත.

වෙනත් පුවත්

පාර්මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සිකුරාදා

පාර්මේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් එළැඹෙන සිකුරාදා (02) පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතව ඇත.

මේ සඳහා සහභාගිවන ලෙස සියලු පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වේ.

කෙසේවෙතත් ⁣පාර්ලිමේන්තුව අවසන්වරට රැස්වූයේ අප්‍රේල් මස 10 වනදා වන අතර, යළි රැස්වීමට නියමිතව ඇත්තේ මැයි 08 වනදාය.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ මාසයකට පමණ පසුව වීමද විශේෂත්වයක්ය.

මේ අතර බටලන්ද කොමිෂන් සභා විවාදය තවත් එක් දිනක් පැවැත්වීමට නියමිත අතර, එම දිනය සම්බන්ධයෙන්ද සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමිෂන් සභාවේදී අවසන් තීරණයක් ගනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *