රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව, මඩපාත, මාකන්දන, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී බව පොලීසිය පවසයි.
මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරය දිරා ගොස් ඇති බවත් මරණය මීට මාස 8ට පමණ ඉහතදී සිදුවී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මිය ගොස් ඇත්තේ, කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිත අතර කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















