සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත භාර නොගැනීම හේතුවෙන් භාරදුන් ස්ථානවලම ඒවා සුරක්ෂිතව පවතිනවා.
එම ගමන්මළු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී නැවත ලබාදීමේ වැඩපිළිවෙලක් අද සහ හෙට දෙදින තුළ ක්‍රියාත්මකයි.
ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙසයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමුණූ මහනුවර හා ඒ අවට පාසල් 24 ක් අද යළි විවෘත කෙරුණු අතර ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයිම සදහා වසා දැමූ පාසල් 37 ක්ද හෙට යළි විවෘත කෙරෙනු ඇති.

















