මෙලනි අශෝකා කියන නමට වඩා, ‘චිට්ටි ආච්චි’ කියන නම ඔබට වඩාත් හුරුපුරුදු ඇති.
එකල ඊට ලැබුණු ප්‍රතිචාර ගැන මෙලනි අශෝකා සඳැල්ලට කියූ කතාවයි මේ…
”මම ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා.
සමාජ මාධ්‍ය පිටුවක ඒක පළ කරලා තිබුණේ, ඇත්තටම සිද්ද වුණ දෙයක් විදියට.
ඒකෙ පහළින්ම තිබුණා රඟපෑමක් කියලා.
ඒත් මිනිස්සු මුලින් දකින දේනෙ විශ්වාස කරන්නෙ.
සමහරු මුළු පෝස්ට් එකම කියවන්නෙත් නෑ.
හුඟක් අය මට දුරකථන ඇමතුම් දීලත් ඇහැව්වා මහණ වෙන්න හේතුව මොකක්ද කියලා…”

















