65 හැවිරිදි දෙදරු මවක් 25 හැවිරිදි තරුණයකු සමඟ පැවැත්වූ අනියම් පෙම නැවතුනු තැන

5610
සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා මගින් ස්ටේටිපුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගෑන්ඩ්පාස් ස්ටේටිපුර පදිංචිව සිටි 65 හැවිරිදි දෙදරු මවක් බවයි පැවසෙන්නේ.

සැකකරු එම කාන්තාවගේ දෙවැනි විවාහයේ සැමියා බව සඳහන්.

ඝාතනයට ලක් වූ කාන්තාව සිය දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත්ව තිබෙනවා.

උඩු මහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.

මෙම ඝාතනයට මූලික හේතුව එය බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *