BREAKING NEWS
Search

ගාලු කොටුපවුරේ දී සරසව් සිසුවාට අත් වූ අවාසනාවන්ත ඉරණම…

1153

ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී කුරුඳුවත්ත, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ජනිත් ගමගේ නැමති සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ තරුණයා ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙම අනතුරට මුහුණදී ඇති අතර, පසුව ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

සිය මිතුරන් සමග විනෝද වීම සඳහා ගාල්ල කොටුව ප්‍රදේශයට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මොහු ගාල්ල කොටු බැම්මේ සිට මුහුදට පනිමින් ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයෙන් ඇදවැටී ඇත.

ගල් පර්වත මත වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටිය දී අදාළ තරුණයාව රෝහල්ගත කර තිබුණි.

මෘත ශරිරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගාල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *