ප්‍රවීණ ජෝතීර්වේදී හෙට්ටි ආරච්චිගේ උපාලි පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා..
ඔහු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යොතිෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති අතර, ලංකාවේ ප්‍රධාන පෙළේ ජෝතිශ්‍ය පුවත්පත් රැසකටද තම දායකත්වය ලබා දී ඇති අයෙක්..
ඔහුගේ දේහය 196/4ඒ, ගාලුපාර, පානදුර දරන ඔහුගේ නිවෙසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, 26 වැනි දා සෙනසුරාදා පානදුර මිනුවන්පිටිය සුසානභූමි ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත වෙනවා..


















