සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට..

2942
මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..
“සිරි දළදා වන්දනාවේ” රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තැබූ සටහන පහතින්..

”උතුම් වූ සිරි දළඳා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියෙදී හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි, ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය”

ඒ අතර

මහනුවර නගරයට මේ වනවිට තද වැසි ඇද හැලෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය.

“සිරි දළදා වන්දනාවේ” 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන් මහ වැසි නොතකමින් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දැකගත හැකිය.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වූ අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

මේ අතර ඉදිරි පැය 36 සඳහා වූ අද පස්වරු 4ට නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව ද මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසිි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *